මිනුවන්ගොඩ ප්‍රදේශයේ ආහාර විෂ වීමකින් 300 ක් රෝහලට

Share

ආහාර විෂ වීමක් හේතුවෙන් මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් 300 කට අධික පිරිසක් රෝහල්ගත කර ති‌බ‌ෙන බවට වාර්තා ව‌ෙයි.

ඔවුන්ගෙන් 150 කට අධික පිරිසක් ගම්පහ දිස්ත්‍රික් රෝහලට ඇතුලත් කර ඇති අතර තවත් 135 ක පමණ පිරිසක් මිනුවන්ගොඩ දිස්ත්‍රික් රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තා වේ.

උණ, වමනය, ක්ලාන්තය වැනි රෝග ලක්ෂණ හේතුවෙන් එම සේවක සේවිකාවන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව සඳහන්ය.

Read more

Local News