වවුනියාව ප්‍රදේශයේ මේ දිනවල පවතින වියළි කාලගුණික තත්ත්වයෙන් ජලය නොමැතිව පීඩාවට පත්ව ඇති ජනතාවගේ
අවශ්‍යතාවය පිළිබඳව අවදානය යොමුකල වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 56 වන සේනාංකයට අයත් යුද්ධ හමුදා සාමාජිකයින් විසින් පසුගිය (20)දා සිට පීඩාවට පත් ජනතාව සඳහා අවශ්‍ය පානීය ජලය සැපයීමට කටයුතු කරනු ලැබීය.
පවතින වියළි කාලගුණයත් සමඟ ප්‍රදේශයේ ජනතාව පීඩාවට පත්ව ඇති බව 56 වන සේනංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටන්පිටිය වෙත අනාවරණයවීමෙන් අනතුරුව යුද්ධ හමුදා ජල බවුසර් යොදාගනීමින් පීඩාවට පත් ජනතාවට පානීය ජලය සැපයීම සඳහා අවශ්‍ය පියවර ගනු ලැබීය.
ඒ අනුව 561 වන සහ 563 වන බලසේනාවන්හි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ප්‍රදේශයේ ජිවත්වන නියඟයෙන් පීඩාවට පත් සිවිල් වැසියන් වෙත පානීය ජලය බෙදාහැරීමේ කටයුතු සිදු කරනු ලැබීය.
වියළි කාලගුණය පහව යනතෙක් මෙම පානීය ජල අවශ්‍යතාවයන් සපුරාලීමට කටයුතු කරන බව ආරක්ෂක අංශ
පවසයි.