රත්නපුර ප්‍රදේශයේදී අකුණු සැර වැදී පුද්ගලයෙකු මරුට

Share

රත්නපුර, පහළ හතමුන ප්‍රදේශයේදී ඊයේ (25) සවස පුද්ගලයෙකු අකුණු සැර වැදීමෙන් මියගොස් තිබේ.
අකුණු සැර වැදීමෙන් බරපතළ තත්වයේ පසුවූ ඔහු රත්නපුර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.
මියගොස් ඇත්තේ පහළ හතමුණ, නව ජනපද ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි පුද්ගලයෙකි.
මෘත ශරීරය රත්නපුර රෝහලේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද(26) සිදුකිරීමට නියමිතය.
රත්නපුර පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Read more

Local News