ශ්‍රී ලංකාවේ ජාන තාක්ෂණ ඒකකයක් ස්ථාපිත කිරිමට වැඩපිළිවෙළක්

Share

ප්‍රවේණියක ලක්ෂණ හේතු කොට ගෙන ඇතිවන බෝවන සහ බෝනොවන රෝග දෙවර්ගයම සඳහා ජාන වලට අදාලව ඖෂධ නිර්ණය කිරීමේ කටයුතු වල පහසුකම් ඇති කිරිම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ජාන තාක්ෂණ ඒකකයක් ස්ථාපිත කිරිමට සෞඛ්‍යපෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත.
එම ඒකකය පිහිටුවිම පිළිබඳ යෝජනාව නව අයවැය යෝජනාවක් ලෙස නොවැම්බර් මාසයේ දී ප්‍රකාශයට පත් කිරිමට නියමිතව ඇතජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව ඇමරිකාවේ මේ වන විට ක්‍රියාත්මකය.

වසර 2030 වන විට දැනට පවතින වෛද්‍ය විද්‍යාව වෙනස් වී ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව ක්‍රියාත්මක වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි

පිළිකා තත්ත්වයන් කලින් අනාවරණය කර ගැනිම සහ කළමණාකරණයබහු සාධක රෝගමානසික ඌණ වර්ධනය වැනි අසාමාන්‍ය තත්ත්වයන්තැලසිමියාවහිමෝෆීලියාව වැනි රෝග තත්ත්වයන් සඳහා රෝගියාට ගැලපෙන පරිදි ඖෂධ සකස් කිරීමට මෙම වෛද්‍ය විද්‍යාවට හැකියාව ඇතතව ද අධිකරණ වෛද්‍ය කටයුතු සඳහා ද මෙම වෛද්‍ය විද්‍යාව ඉතා වැදගත් වෙයි.

මෙමගින් රෝගී සත්කාර සේවා සඳහා වැය වන පිරිවැය ඉතා අඩු වෙයිවර්තමානය වන විට රට තුල ජාන රසායනාගාර 05 ක් ස්ථාපිත කර ඇතඑම රසායනාගාරවලට අමතරව ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාවට අදාල සියලුම පහසුකම් වලින් යුත් රසායනාගාරයක් සියලු උපකරණ සහිතව ඉදිකිරිම සඳහා රුපියල් මිලියන 482 ක් වැය වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

ඒ සදහා වන අමාත්‍ය මණ්ඩල සංදේශයක් ද ඉදිරිපත් කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර ඇතජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව හදාරන ලද වෛද්‍යවරුන් 07 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය තුල සේවය කරයිඑම වෛද්‍යවරුන්ට ඇමරිකාවේ දී විශේෂ පුහුණුවක් ලබා දීමට ද නියමිතව ඇත.
මේ අතර ජාන තාක්ෂණ වෛද්‍ය ඒකකය ස්ථාපිත කිරිම සහ ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව පිළිබඳව වෛද්‍යවරුන් පුහුණු කිරිම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැත්විනි
ඒ ඇමරිකාවේ හූස්ටන් වල වෙසෙන ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ආචාර්ය බන්දුල විඡේරත්න මහතා සමගිනිඑහිදී ශ්‍රී ලංකාවේ ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව ප්‍රචලිත කිරිම සඳහා සියලුම සහයෝගය ලබාදීමට ආචාර්ය බන්දුල විඡේරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාට පොරොන්දු විය.

Read more

Local News