ශ්‍රී ලංකාවේ සිවුවැනි අගමැති දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතානන්ගේ 59 වැනි ගුණ සමරුව අදට යෙදී තිබේ.
උත්සව කටයුතු අද (26) සවස 4.00ට බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ.
ඊට සමගාමීව හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලදී අද උදෑසන 8.00 ට පුෂ්පෝහාර උත්සවයක් ද පැවැත්විණි.
දිවංගත අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා, සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය, හිටපු කතානායක අනුර බණ්ඩාරනායක මහතා යන ත්‍රිත්වයේම ගුණ සැමරුව පැවැත්වේ.