එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල ශ්‍රී ලංකාව සමඟ නව ගිවිසුමකට අත්සන් තබයි

Share

ශී‍්‍ර ලංකාවේ සමාජ සංවර්ධනයට ඍජුව බලපාන ක්ෂේත‍්‍රවල ශීඝ්‍ර සංවර්ධනය උදෙසා එක්සත් ජාතීන්ගේ අරමුදල සමඟ නව ගිවිසුමකට අත්සන් තැබීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ඇමරිකා සංචාරයට සමගාමීව (26) දින නිව්යෝර්ක් නුවර දී සිදු විය.

ඒ අනුව සමාජ ප‍්‍රගමනය සඳහා වූ අරමුදලක් පිහිටුවීම සහ සමාජ ව්‍යවසායකත්ව අරමුදලක් පිහිටුවීමට අදාළ ව මෙම ගිවිසුම්වලට අත්සන් තැබිණි.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ ශ‍්‍රී ලංකා ව්‍යාපෘති සඳහා පුද්ගලික අංශය ද සහභාගි කරවා ගැනීම මේ තුළින් අපේක්ෂා කරයි.

විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතාගේ සහභාගිත්වයෙන් ගිවිසුම්වලට අත්සන් තැබීම සිදු විය.

Read more

Local News