ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ජය ඉන්දියාවට

Share

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර අවසන් මහා තරඟය ඩුබායි හිදී ඊය‌ේ (28) පැවැත්වුුණි.

ඒ අනුව අවසන් මහා තරඟයේදී ප්‍රතිවාදීන් වූ බංග්ලාදේශ කණ්ඩායම පරාජය කරමින් ඉන්දියාව හත්වන වරටත් ආසියානු ක්‍රිකට් කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් විය.

ඒ, ඩුබායි හි පැවති අවසන් තරඟයේදී තියුණු සටනකින් අනතුරුව බංග්ලාදේශය කඩුලු 03කින් පරදවමින්.

කිසිවෙකු නොදැවී ලකුණු 120ක් ලබා සිටි බංග්ලාදේශය ලකුණු 222කට දැවී ගිය‌ේය.

ලකුණු 223ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම සිය ඉනිමේ අවසන් පන්දුවේදී ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණේ කඩුලු 7ක් දැවී තිබියදීයි.

අවසන් මහා තරඟයේදී ශතකයක් වාර්තා කළ ලින්ටන් ඩාස් තරඟාවලියේ වීරයා බවට පත්වූ අතර සමස්ථ තරඟාවලියේ දී පිත්තෙන් දස්කම් දැක්වූ ශිකර් ධාවන් තරඟාවලියේ වීරයා බවට පත්විය.

Read more

Local News