රුසියාවේ මොස්කව් අගනුවර වෙළඳ සංකීර්ණයක ගින්නක්

Share

රුසියාවේ මොස්කව් අගනුවරට වයඹ දෙසින් පිහිටි සින්ඩිකා මෝල් නම් වෙළඳ සංකීර්ණයේ ගොඩනැගිල්ලක ඇති වූ ගින්නක් හේතුවෙන් පුද්ගලයින් 3,000කට ආසන්න පිරිසක් එම ස්ථානයෙන් ඉවත් කර තිබේ.

එහි වෙළඳසැල් 1,200ක් පමණ ඇති බව සඳහන්ය.

වෙළඳසැලේ රථවාහන නැවතුමේ තිබූ වාහන කිහිපයක් ගිනිගෙන ඇති අතර එය වෙළඳ සංකීර්ණය පුරා පැතිරගොස් තිබේ.

ගින්නෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වේ. ගින්න මැඩ පැවැත්වීම සඳහා හෙලිකොප්ටර් යානාද යොදවා ඇති බව වාර්තා වේ.

 

Read more

Local News