ලෝක ප්‍රමිති දිනයට සමඟාමීව ජාතික තත්ත්ව සතියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදයි

Share

ඔක්තෝම්බර් 14දාට යෙදෙන ලෝක ප්‍රමිති දිනයට සමඟාමීව ජාතික තත්ත්ව සතියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බවද එම සතිය ඊයේ (09) සිට ලබන 15දා දක්වා ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති ප්‍රදීප් ගුණවර්ධන මහතා පැවසුවේ ජාතික තත්ත්ව සතිය පිළිබඳ ව දැනුම්වත් කිරීම වෙනුවෙන් ඊයේ එම ආයතනයේ  පැවැති  ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

මෙවර ජාතික තත්ත්ව සතිය “ප්‍රමිති නගර විධිමත් කරයි” යන තේමාවෙන් ක්‍රියාත්මක වන අතර මෙම සතියක කාලය පුරා ජනතාව, කර්මාන්ත කරුවන් මෙන් ම පාසල් දරුවන් දැනුම්වත් කිරීමේ කටයුතු සිදු කෙරේ.

 

 

Read more

Local News