2026 එපෙක් සංවිධානයේ ඩිජිටල් සහ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ අමාත්‍ය රැස්වීමට චීන උප අගමැතිවරයා එක් වේ

Share

2026 එපෙක් සංවිධානයේ ඩිජිටල් සහ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ අමාත්‍ය රැස්වීම ඊයේ (23) චීනයේ Sichuan පළාතේ Chengdu හිදී පැවැත්විණි. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, උප අගමැති Zhang Guoqing එහි සමාරම්භක උත්සවයට එක් වෙමින් දේශනයක් සිදු කළේය.
චීන ජනාධිපති ෂී ජින්පිංගේ උපායමාර්ගික මඟපෙන්වීම යටතේ, නවෝත්පාදන මූලික සංවර්ධන උපායමාර්ගය චීනය පුළුල් ලෙස ක්‍රියාත්මක කරන අතර, ගෝලීය නවෝත්පාදන ජාලයට චීනය ක්‍රියාකාරීව එක් වන බව Zhang Guoqing එම අවස්ථාවේදී පැවසීය.
ෂී ජින්පිං ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ගෝලීය මුලපිරුම් හතර ක්‍රියාත්මක කිරීම තුළින්, විවිධ පාර්ශ්වයන් සමඟ ඩිජිටල් සහ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීනය බලාපොරොත්තු වන බව ඔහු පෙන්වා දුන්නේය. පොදු ඉරණමක් සහිත ආසියා-පැසිෆික් ප්‍රජාව ගොඩනැගීමට ඉන් වැඩි අනුබලයක් ලබා දීමට ‍අපේක්ෂා කෙරෙන බව ඔහු පැවසීය.

Read more

Local News