සෑම ජාතික පාසලකම ගුරු හිඟය පියවීමට පියවර – අමාත්‍ය අකිල විරාජ්

Share

සියලු ජාතික පාසල්වල ගුරු හිඟය පියවීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (9) පාර්ලිමේන්තුවේදී පැවසීය.

වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

සියලු ජාතික පාසල්වල ගුරු හිඟය පියවීම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කර අදාළ ගුරු හිඟය පියවීමට කටයුතු කරන බව කී අමාත්‍යවරයා, විද්‍යාපීඨ සඳහා බඳවා ගැනීම්වල සිදුව ඇති ප්‍රමාදයට විසඳුමක් ලබාදෙමින් මෙවර  විද්‍යාපීඨ සඳහා කණ්ඩායම් දෙකක් බඳවා ගැනීමට කටයුතු කරන බවද පැවසී ය.

තවද දෙසැම්බර් මස  අවසානයේ තෙවන ශ්‍රේණියට තවත් විදුහල්පතිවරු 600ක් පමණ බඳවා ගැනීමට ගැසට් පත්‍රයක් නිකුත් කරන බවද අමාත්‍යවරයා වැඩ්දුරටත් පැවසීය.

Read more

Local News