ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය – 2017

Share

ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය – 2017 රාජ්‍ය සේවක දින වැඩසටහන හෙට (11දා) දින පෙරවරු 10ට ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්ලයීය පරිශ්‍රයේදී පැවැත්වේන අතර මෙම වැඩසටහනට සමගාමීව මෙදින පෙරවරු 9ට ගම්පහ නගර සභාවේද සහය ඇතිව වනරෝපා – 2017 රුක්රෝපණ වැඩසටහනක් ද පැවැත්වීමට නියමිතව ඇත.

රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ න්‍යායාත්මක වැඩසටහනක් සහ සවස්වරුවේ ආයතන පරිශ්‍රයේදී ගෙවත්තක් සැලසුම් කිරීම හා පවත්වා ගෙන යාම පිළිබඳ ප්‍රායෝගික දැනුවත් කිරීමක් ද යහපත් ආහාර පරිභෝජනය පිළිබඳ දැනුවත් කිරීමක් ද සිදු කරන බව දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරයි.

 

 

Read more

Local News