අගමැති ෆින්ලන්තයේ කතානායිකාව සමඟ විශේෂ හමුවක්

Share

10 වන දා සන්ධ්‍යාවේ ෆින්ලන්ත පාර්ලිමේන්තු සංකීරණයේ කතානායක සාකච්ඡා කාමරයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග විශේෂ සාකච්ඡාවකට සහභාගී වෙමින් ලොහෙලා මහත්මිය පැවසූයේ ශ්‍රී ලංකා සහ ෆින්ලන්ත පාර්ලිමේන්තු අතර සම්බන්ධතාවය ශක්තිමත් කරමින්, දෙපාර්ශවීය හුවමාරු වැඩසටහන් ඇරඹිමට ක්‍රියා කළ යුතු බවත් ෆින්ලන්ත පාර්ලිමේන්තු ක්‍රමය හා සම්ප්‍රදාය පිළිබඳව අධ්‍යයනය කිරීමට අවස්ථාව ලබා දීමටත්, අනෙක් රටවල පාර්ලිමේන්තු ක්‍රම හා සම්ප්‍රදායන්ගෙන් පෝෂණය ලැබීමටත් තමන් හැම විටම සූදානම් බවයි.

සාකච්ඡාවට සහභාගී වීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි වික්‍රමසිංහ මහතා උණුසුමින් පිළිගත් කතානායකවරිය, ශ්‍රී ලංකා දූත පිරිස පාර්ලිමේන්තුව තුළ කෙටි සංචාරයකට ද රැගෙන ගියාය. පාර්ලිමේන්තුවේ විශේෂ අමුත්තන්ගේ පොතෙහි සටහනක් තැබීමට ද ඇය වික්‍රමසිංහ මහතාට ආරාධනා කළාය.

 

Read more

Local News