ණය ගන්න අමතන්න – 1925

Share

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා වැඩසටහන සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට, 1925 ඍජු දුරකථන අංකයක් හඳුන්වා දි තිබේ.

භාෂා තුනෙන්ම ක්‍රියාත්මක මෙම සෘජු දුරකථන සේවය වෙත ඕනෑම දුරකතන ජාලයක් ඔස්සේ නොමිලේ ඇමතිමේ හැකියාව අැත.

මෙම අංකය වෙත ලැබෙන පැමිණිලි විද්‍යුත් තැපෑල මඟින් පැමිණිල්ලට අදාළ බැංකු ශාඛාව වෙත යැවෙන අතර එහි පිටපතක් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත ද  යොමු කෙරේන අතර දෛනිකව එම පැමිණිලි සම්බන්ධ පසුවිපරමක් සිදු කෙරෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

තවද ව්‍යවාසායකයන් ලක්ෂයක් බිහි කිරීමේ අරමුණෙන් ස්වයං රැකියාලාභීන් ඇතුළු ව්‍යාපාරික ක්ෂේත්‍ර 16කට සහන පොලී පදනමින් ණය ලබා දීමේ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් පසුගිය මාර්තු මස අරඹන ලදී.

Read more

Local News