පාසල් සිසුන් දෙදෙනෙක් දියේ ගිලී අතුරුදන්

Share

වාද්දුව පල්ලියමංකඩ ප්‍රදේශයේදී මුහුදේ ගිලීමෙන් පාසල් සිසුන් දෙදෙනෙකු අතුරුදන්ව තිබේ.

දිය නෑමට ගිය සිසුන් 6 දෙනෙකු අතරින් දෙදෙනෙකු එලෙස දියේ ගිලී අතුරුදන්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.

අතුරුදන්ව ඇත්තේ වාද්දූව, මොල්ලිගොඩ හා පල්ලියමංකඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනෙකි.

ඔවුන් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙන බවට වාර්තා වෙයි.

Read more

Local News