වතු කම්කරුවන් අදත් උද්ඝෝෂණයේ

Share

තම දෛනික මුලික වැටුප රු. 1000 දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බලකරමින් මස්කෙලිය සහ නොර්වුඩ් ප්‍රදේශවල වතු කම්කරුවන් ප්‍රධාන මාර්ගවලට පිවිස යළිත් අද (01) උද්ඝෝෂණවල නිරත විය.

හැටන් නොර්වුඩ් වතු කිහිපයක වතු කම්කරුවන් හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් අයර්බි තේ වත්ත ප්‍රදේශයේ උදැසන 9.30 සිට 10.30 දක්වා පැයක පමණ කාලයක් උද්ඝෝෂණයක නිරත වෙමින් කියා සිටියේ තම
දෛනික මුලික වැ ටුප රු. 1000 දක්වා වැඩි කිරිමට වතු සමාගම් කටයුතු කල යුතු බවයි.

මස්කෙලිය පොලිස් බල ප්‍රදේශයට අයත් තේ වතු කිහිපයක වතු කම්කරුවන් මස්කෙලිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ මස්කෙලිය ඉන්ධන පිරවුම්හල අසලට පැමිණ ටයර් පුළුස්සා උදැසන 8 සිට 10 දක්වා තම දෛනික මුලික වැටුප වැඩි කර ලෙසට බලකරමින් උද්ඝෝෂණයක ද නිරත විය.

මේ මස 6 වෙනි දිනට එළඹෙන දිපාවලි උත්සවයට ප්‍රථම තම දෛනික මුලික වැටුප රු. 1000 දක්වා වැඩි කර හිඟ වැටුප් සමඟ ලබාදිමට වතු වැවිලිකරුවන්ගේ සංගමය සමග සාකච්ඡා කරන වතු එකාබද්ධ වෘත්තිය සමිතියේ සමාජිකයන් කටයුතු කල යුතු බවයි.

එම වැටුප නොලැබුණ හොත් මෙවර දිපාවලි උත්සවය උත්කර්ෂවත් අන්දමින් සැමරිමට නොහැකි බවයි උද්ඝෝෂණයේ නියැලි වතු කම්කරුවන් කියා සිටින්නේ.

Read more

Local News