කථානායක සහ දේශපාලන නියෝජිතයින් අතර හමුවක් අද

Share

කථානායක කරූ ජයසූරිය මහතා සහ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් අතර හමුවක් අද(02) පෙරවරු 10.00ට පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වෙන බව කථානායක කාර්යාලය සඳහන් කළේය.

පාර්ලිමේන්තුව වහාම කැඳවීම සඳහා එක්සත් ජාතික පක්ෂය, ඉලංගෙයි තමිල් අරුසුකච්චි, ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂ කළ ඉල්ලීම සම්බන්ධයෙන් කතානායකවරයාගේ ස්ථාවරය දැක්වීම මෙහි අරමුණ වෙයි.

මීට අමතරව කථානායකවරයා සහ ජනාධිපතිවරයා අතර පැවැති හමුව පිළිබඳව ද පක්ෂ නියෝජිතයින් දැනුවත් කිරීමට නියමිත බව කථානායක කාර්යාලය ප්‍රකාශ කළේය.

Read more

Local News