මාස 10ට ඩෙංගු රෝගීන් 41,216ක්

Share

මේ වසරේ පළමු මාස 10ක කාලය තුළදී ඩෙංගු රෝගීන් හතළිස් එක්දහස් දෙසිය දහසයක් (41,216) වාර්තා වී තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

මෙම කාලය තුළදී මරණ හතළිස් හයක් වාර්තා වී තිබෙන අතර, වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම දිස්ත්‍රික්කය තුළින් රෝගීන් 7951ක් වාර්තා වී තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4476ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 2521ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 3120ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 2027ක් වශයෙන් ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකින්ම රෝගීන් වාර්තා වී ඇත.

Read more

Local News