සමාජ ජාල බොරුවලට රැවටෙන් එපා – අශෝක ඉල්ලයි

Share

වත්මන් අර්බුධකාරී දේශපාලන වාතාවරණය යටතේ එක්සත් ජාතික පක්ෂය තුළ අස්ථාවරත්වයක් ඇති වී තිබෙන බවට දේශපාලන විරුද්ධවාදීන් විසින් සමාජ ජලා වෙබ් අඩවි තුළ නිර්මාණය කර පතුරුවා හරින ප්‍රවෘත්ති වල කිසිදු සත්‍යතාවක් නොමැති බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ ප්‍රකාශ කරයි.

අද (02) මාධ්‍යයට විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහාන් කර තිබුණි. එම මාධ්‍ය නිවේදනයේ තව දුරටත් මෙසේ සඳහන්ව තිබේ.

වසර 72 ක දේශපාලන ඉතිහාසයක් ඇති එක්සත් ජාතික පක්ෂයට මෑත කාලයේදී මුුහුණ දීමට සිදු වූ විශාලතම දේශපාලන අර්බුධය පක්ෂයට හා පක්ෂ නායකත්වයට එල්ල වී ඇති මේ අවස්ථාවේදී කොන්දේසි විරහිතව පක්ෂය හා දේශපාලන නායකත්වය සමග රැදෙමන් එයට අදාල දේශපාලන වටපිටාව ස්ථාවර කිරීම එක්සත් ජාතික පක්ෂයේ හදවත බදු ඔබ සැම ඇතුළු අප සැමගේ ප්‍රබලතම වගකීමකි. එම නිසා මෙම අර්බුධ කාරී අවස්තාවේදී ජාති, ආගම්, කුල, මල වාද බේධ දුරලා එකාමෙන් එක්සත් ජාතික පක්ෂය හා නායකත්වය සුරැකීමේ භාරදූර්ය කාර්යය ජයග්‍රහනය කිරීම සඳහා සමගිව ඉදිරියට යමු. එක්ව කැපවෙමු.

මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී අර්බුධය නිම වන්නේ තනි එක්සත් ජාතික පක්ෂ රජයක් බිහි කරමින් බව මේ මොහොතේ වගකීමෙන් යුතුව ප්‍රකාශ කරමි.

Read more

Local News