මහජන සෞඛ්‍ය පරික්ෂකවරු හැටන් නගරයේ විශේෂ වැටලිමක්

Share

එළඹෙන දිපාවලි උත්සව සමය වෙනුවෙන් පාරිභෝගිකයන්ට ගුණාත්මක සේවාවක් ලබාදිමේ අරමුණින් මහජන සෞඛය
පරික්ෂකවරුන් අද (03) හැටන් නගරයේ විශේෂ වැටලිමක් දියත් කර තිබේ.

නුවරඑලිය දිස්ත්‍රික්කයේ අඹගමුව, හැටන්, මස්කෙලිය, කොත්මලේ, කොටගල සහ ලිදුල යන සෞඛ්‍ය වෛද්‍ය අධිකාරිවරුන්ගේද, එම කාර්යයාලය යටතේ රාජකාරි කරන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විශාල පිරිසකගේ සහභාගිවයෙනුයි මෙම වැටලිම සිදු කරනු ලැබුවේ.

මෙම වැටලිමේදි හැටන් නගරයේ සුපිරි වෙළඳසැල්, තොග සහ සිල්ලර වෙළඳසැල් ආපන ශාලා සහ පදික වේදිකාවේ ආහාර ද්‍රව්‍යය අලෙවි කරන තාවකාලික වෙළදුන්ද මෙහිදි පරිකෂාවට ලක් කරනු ලැබීය.

මෙම වැලිමේදි පරිභෝජනයට නුසුදුසු අලෙවි කිරිම සඳහා සුදානම් කර තිබු ආහාර ද්‍රව්‍යය රැසක් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් ඔහුන් භාරයට ගෙන එවා විනාශ කිරිමට කටයුතු කරනු ලැබු බවටයි අප වර්තාකරු පැවසුවේ.

අපිරිසිදුව ආපන ශාලා පවත්වාගෙන ගිය වෙළදුන් රැසකට එම ආපනශාලාවල ඇති අඩුපාඩුකම් සපුරාලිමට උපදෙස් ලබා දුන් අතර, අපිරිසිදු ආහාර පානපරිභෝගිකයන්ට ලබාදුන් ආපානශාලා හිමියන් රැසකට නෛතික පියවර ගැනිමටද මෙම වැටලිමේදි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කර තිබුණි.

Read more

Local News