රංගන හේරත්ගේ අවසන් තරඟය අද

Share

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශි‍්‍ර ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරඟය අද(06) ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රඩාංගණයේදීයි ආරම්භ වෙයි.

අද තරඟය ශී‍්‍ර ලාංකිකයින්ගේ මෙන්ම ලොව පුරා කි‍්‍රකට් ලෝලීන්ගේ ද අවධානය දිනා ගත් තරඟයක් බවට පත්ව තිබේ.

ඒ, ටෙස්ට් ක‍්‍රිකට් පිටියේ ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ටතම වමත් දඟපන්දු යවන්නා ලෙස සැලකෙන රංගන හේරත් ජාත්‍යන්තර ක‍්‍රිකට් දිවියේ සහභාගී වන අවසන් තරගය වීමයි.

රංගන හේරත් 1999 වසරේදී සිය ටෙස්ට් ක‍්‍රිකට් දිවිය ආරම්භ කරන්නේ ද ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයෙනි.

Read more

Local News