සමූහ මිනී වළවල් 200 කින් මළ සිරුරු 12,000 ක් සොයාගත් මෙහෙයුම

Share

 

අයි.එස් ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය යටතේ තිබී මුදාගනු ලැබූ ඉරාකයේ ප්‍රදේශ රැසක තිබී සමූහ මිනී වළවල් 200කට වැඩි ප්‍රමාණයක් හමුව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

එරට උතුරු හා බටහිර නයින්වේ, කිර්කුක්, සලහුදීන් සහ අන්බාර් යන ප්‍රදේශවල තිබී මෙම මිනී වළවල් සොයාගෙන තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කර ඇති වාර්තාවට අනුව මෙම සමූහ මිනී වළවල්වල මළ සිරුරු 12,000කට වැඩි ප්‍රමාණයක් තැන්පත් කරන්නට ඇති බවට විශ්වාස කරයි.

2014 වසරේදී ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් ඉරාකයේ කොටසක බලය සියතට ගනිමින් ම්ලේච්ඡ පාලනයක් ගෙනගිය අතර, ඔවුන්ට විරුද්ධ වන පිරිස් වෙත හිමිවූයේ මරණය පමණයි.

කෙසේ වෙතත්, ඇමෙරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ සන්ධානය සහ ඉරාක රජයේ හමුදා එක්ව සිදුකරන ලද ප්‍රහාර මාලාවක ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට ඉරාකයෙන් ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය මුලිනුපුටා දමා තිබේ.

Read more

Local News