දීපවාලි සමරන්න ගිය නඩේශන්ගේ සිරුර ඇළ මාර්ගයකින් සොයා ගැනේ

Share

හැටන් දිඹුල පොලිස් වසමට අයත් කුයින්ස් බෙරි වතු හරහා මහවැලි ගඟට ජලය ගලා බසිනා ඇළ මාර්ගයක තිබි පිරිමි මළ සිරුරක් අද (07) හමු වු බව දිඹුල පොලිසිය පැවසිය.

මෙසේ හමු වි ඇත්තේ එම වතු යායේම පදිංචි නඩේශන් හරික්‍රිෂ්ණන් නැමති (42) හැවිරිදි දෙදරු පියෙකුගේ සිරුරයි.

ඊයේ දිනයට(06) යෙදි තිබු දීපවාලි උත්සවය සමරමින් සිටියදි තම පියා රාත්‍රි 10 ට පමණ එම වතුයායේ පදිංචි ඥාතියෙකුගේ නිවසට යන බව පවසා නිවසෙන් පිටව ගිය බවත්, එසේ ගිය පියා යළිත් නිවසට නොපැමිණි නිසා පියා සොයා ඥාති නිවසට යන අවස්ථාවේ පියාගේ සිරුර තම වතු යායට පිවිසෙන මාර්ගයේ පාලම යට ඇළේ තිබි සොයගත් බවයි මරණකරුගේ දරුවන් විසින් පොලිසියට පවසා ඇත්තේ.

මෙම මරණය සම්බන්ධයෙන් දිඹුල පොලිසිය පරික්ෂණ ආරම්භ කර ඇත.

Read more

Local News