වැරදුන ඇමතුම දුරදිග ගොස් දැරිය දුෂණය වෙයි

Share

වයස අවුරුදු 13 ක බාලවයස්‌කාර දැරියක්‌ අපහරණය කර දූෂණයට ලක්‌ කිරීම සම්බන්ධයෙන් 20 හැවිරිදි තරුණයෙක්‌ මාදම්පේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

දැරිය මාදම්පේ තඹගල්ල වත්ත ප්‍රදේශයේ පදිංචි අතර  9 ශ්‍රේණියේ ඉගනුම ලබමින් සිට තිබේ.

පසුගිය දිනක දැරිය නිවසින් අතුරුදන්වී ඇති බවට දැරියගේ මව මාදම්පේ පොලිසියට පැමිණිල්ලක්‌ කර  තිබේ.

එම සොයා බැලීමේදී දැරිය මාදම්පේ ඉස්‌සන්මැඩිල්ල ප්‍රදේශයේ අයෙකු සමග ප්‍රේම සම්බන්ධයක්‌ පවත්වා ඇති බව දැනගෙන ලැබී තිබේ.

පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ දැරියගේ දුරකථනයට මාසයකට පමණ පෙර ලැබුණු ඇමතුමකට කතා කිරීමෙන් ප්‍රේම සම්බන්ධය ආරම්භ වී ඇති බවටයි.

පසුව සැකකරු සමග දැරිය කතා කරගත් පරිදි දෙමාපියන්ට නින්ද යැමෙන් පසු නිවසේ තිබෙන යතුරුපැදියෙන් ගොස්‌ සැකකරු හමුවී ඔහු සමග සැකකරුගේ නිවසට අලුයම 2.00 ට පමණ පැමිණ තිබේ.

පසු දින සැකකරුගේ නිවසේ දිවා කාලය ගත කර තිබෙන අතර එදින රාත්‍රියේ ඔහු ඇයව තොඩුවාව ප්‍රදේශයට කැඳවාගෙන ගොස්‌ එම ප්‍රදේශයේ මාළු වෙළෙඳපොළේ රාත්‍රිය ගත කර ඇත. එහිදීද තරුණයා ඇය දූෂණයට ලක්‌කර තිබේ.

පසුව අලුයම තොඩුවාව සිට සැකකරු දැරිය සමග ඔහුගේ නිවසට පැමිණෙමින් සිටියදී දැරියගේ දෙමාපියන් ඔවුන් අල්ලාගෙන මාදම්පේ පොලිසිය වෙත ගෙනැවිත් භාරදී ඇත.

සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර   අපයෝජනයට ලක් වූ දැරිය  වෛද්‍ය පරීක්‍ෂණයක්‌ සඳහා රෝහල්ගත කර තිබේ.

Read more

Local News