ගුවන් යානයේ දූරියන් ගෙනියන්න ගිහින් ගාලගෝට්ටියක්

Share

ඉන්දුනීසියානු ගුවන් යානයක දූරියන් දුගඳක් ඇතිවීම නිසා මගීන් සිදුකළ පැමිණිල්ලකට අනුව එම යානයෙන් දූරියන් තොගය ඉවත් කිරීමට ගුවන් සේවය කටයුතු කර තිබේ.

ජකාර්තා නුවර සිට බෙන්ග්කූලූ දක්වා ගමන් කළ ශ්‍රීවිජය එයාර් ගුවන් යානයක භාණ්ඩ ප්‍රවාහන කුටීරයේ දූරියන් ටොන් දෙකක් පමණ ප්‍රවාහනය කරමින් තිබියදී එම දූරියන් දුගඳ මගීන්ට දැනී ඇති බව කියයි.

ඒ අනුව, මෙම දූරියන් තොගය වහාම යානයෙන් ඉවත්කර තමන්ට පහසුවෙන් ගමන් කිරීමට අවශ්‍ය වටපිටාව සකසන ලෙස මගීන් පැමිණිලි කර ඇති අතර, ඔවුන් යානයේ කාර්ය මණ්ඩලය වෙත පහරදීමට පවා උත්සාහ කර තිබේ.

ඒ අනුව, ගුවන් සේවය විසින් එම දූරියන් තොගය වහාම යානයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර, මෙම තත්ත්වය නිසා සාමාන්‍ය වේලාවට වඩා පැයකට පසුව යානය පිටත්ව ගිය බව වැඩිදුරටත් සඳහන් වෙයි.

 

Read more

Local News