ශ්‍රීලනිප සමස්ත ලංකා කාරක සභාව අද රැස්වෙයි

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව අද (08) පස්වරුවේ රැස්වේ.

පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල – අපේගම පරිශ්‍රයේදී මෙම රැස්වීම පැවැත්වීමට නියමිතය.

පස්වරු 5.30 ට පමණ ආරම්භවීමට නියමිත මෙම රැස්වීමේදී පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු මෙන්ම වත්මන් දේශපාලන තත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බව නිදහස් පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේය.

Read more

Local News