GMOA චමල්ව සාදරෙයන් පිළිගනියි

Share

නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස චමල් රාජපක්ෂ මහතා පත් කිරීමට ගත් තීරණය පිළිබඳ ප්‍රසාදය පළ කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

නව පත් කිරීම පිළිබඳ අදහස් දක්වමින් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව කියා සිටියේය.

මේ අතර සිය සංගමයේ සාමාජිකයින් පිරිසක් හෙට(09) දිනයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News