දිස්ත්‍රික්ක 5 කට නායයෑමේ අනතුරු ඇඟවීම්

Share

පවතින අධික වැසි තත්ත්වයත් සමඟ කළු, නිල්වලා ගංඟා සහ අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර ගංඟා දෙපස පහත්බිම්වල ජීවත් වන ජනතාව ඒ පිළිබඳ විමසිලිමත් විය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පවතින තද වැසි තත්ත්වයත් සමඟ රන්ටැඹේ, රන්දෙනිගල ඇතුලු ජලාශ රැසක් තවදුරටත් වාන් මට්ටමේ පවති.

අද රාත්‍රි 9.00 දක්වා දිස්ත්‍රික්ක 5 කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ නුවරඑළිය, මාතලේ, රත්නපුර, කෑගල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලට එම නිවේදන නිකුත් කර ඇති බවයි.

Read more

Local News