පොහොට්ටු – ශ්‍රීලනිප පොදු සන්ධානයක්

Share

ඉදිරි මැතිවරණය පොදු ලකුණක් යටතේ තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම අතර මේ වනවිට සාකච්ඡාවක් ආරම්භ වී ඇතැයි වාර්තාවේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව ලාංඡනය යටතේ තරග කරන බවට ප්‍රකාශ වීමත් සමග ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමටද එක්විය හැකි සලකුණක් හා පෙරමුණක් වෙනුවෙන් මෙම සාකච්ඡා ආරම්භ කර තිබේ.

මෙහිදී බොහෝ දෙනාගේ කැමැත්ත පළවී තිබෙන්නේ බුලත්කොළය ලාංඡනයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ මැතිවරණවලට ඉදිරිපත් විය යුතුය යන්න බවද ප්‍රකාශ වෙයි.

එහෙත් බහුතරයකගේ අදහස වී තිබෙන්නේ සියලුදෙනාම එකට එකතුවී මැතිවරණයට ඉදිරිපත් විය යුතුය යන්නයි.

මෙහිදී අත ලකුණ යටතේ තරග කළ යුතු බවට පිරිසක් යෝජනාකර තිබෙන අතර,තවත් පිරිසක් පොහොට්ටුව යටතේ තරග කළ යුතු බවට යෝජනාකර ඇතැයි වාර්තාවේ.

මේ අනුව බුලත්කොළය පොදු ලකුණ ලෙස යොදාගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කළ යුතු බවට බහුතර පිරිසක් යෝජනා කර ඇති බව වාර්තාවේ.

 

Read more

Local News