තාක්ෂණ මෙවලම් සංයමයකින් තොරව භාවිතා කිරීම සමාජ උවදුරක්

Share

තාක්ෂණ මෙවලම් සංයමයකින් තොරව භාවිතා කිරීම සමාජ උවදුරක් බවට පත්ව ඇති බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමන් පවසයි.

රාජගිරිය ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථානයේ පැවති නව පුස්තකාල ගොඩනැගිල්ල හා දෙමහල් සංඝාවාසය සඟසතු කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යතුමන් මේ බව සඳහන් කළේය.‍

මෙහිදී රැස්ව සිටි පිරිස අමතමින් විජයදාස රාජපක්ෂ මහතා කියා සිටියේ තාක්ෂණ මෙවලම් තුළින් කියවීම මඟින් ලබා ගන්නා බුද්ධිය ලබාගත නොහැකි බවත්, රට බැබළවිය හැකි තරුණ පරම්පරාව බිහිවන්නේ පාසලින් නොව ආගමික අධ්‍යාපන ආයතන තුළින් බවයි.

Read more

Local News