යුරෝපයේ අයිතිය ගැන කෙහෙළිය කතා කරයි

Share

ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට ව්‍යවස්ථාවට අනුව යුරෝපා සංගමයට කිසිදු හැකියාවක් නොමැති බව රජයේ සම කැබිනට් ප‍්‍රකාශක රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමක් පැවැත්විය යුතු බවට යුරෝපා සංගමය නිකුත් කළ නිවේදනය පිළිබද අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියාසිටියේය.

යුරෝපා සංගමය සිදුකරන මෙම කි‍්‍රයාව කිසිසේත්ම අනුමත කළ නොහැකි බව සම කැබිනට් ප‍්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියාසිටියේය.

 

Read more

Local News