කාන්තා මළ සිරුරක් බෙන්තර ගඟෙන් හමුවේ

Share

අතුරුදන්ව සිටි කාන්තාවකගේ මළ සිරුරක් ඇල්පිටිය, අවිත්තාව ප්‍රදේශයේ බෙන්තර ගඟේ පාවෙමින් තිබියදී දී පොලීසිය විසින් සොයාගෙන අැත.

එම කාන්තාව පසුගිය 06 වනදා සිට අතුරුදන්ව සිටි බවටයි පොලිසිය පැවසුවේ.

මියගොස් ඇත්තේ පිටිගල, සුබගම ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි කාන්තාවක් බව සඳහන් වෙයි.

මෘත ශරීරිය ඇල්පිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද(10) සිදුකිරීමට නියමිතයි.

ඇල්පිටිය පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News