තලෙයිමන්නාරමෙන් මතුවූ කේරල ගංජා තොගය

Share

තලෙයිමන්නාරම ප්‍රදේශයේ තිබී කේරල ගංජා තොගයක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබේ.

ඌරුමලෙයි සහ තලෙයිමන්නාරම අතර ප්‍රදේශයේ සිදු කරන ලද හදිසි පා මුර සංචාරයකදී උතුරුමැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් මෙම කේරල ගංජා තොගය සොයාගෙන ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කළේය.

අසුරණ 04ක බහා තිබූ කේරල ගංජා කිලෝග්‍රෑම් 39කට අධික ප්‍රමාණයක් එහිදී සොයාගෙන තිබේ.

විකිණීම සදහා මෙම ගංජා තොඟය සඟවා තබන්නට ඇති බවට සැකපල කෙරෙයි.

නාවික හමුදාව සඳහන් කළේ අදාල කේරල ගංජා තොගය ඉදිරි විමර්ශන කටයුතු සදහා තලෙයිමන්නාරම පොලිසියට භාරදුන් බවයි.

Read more

Local News