පෑලියගොඩ අන්තර් හුවමාරුවේ කොටසක් තාවකාලිකව වැසේ

Share

නව කැළණි පාලම ඉදිකිරීම් කටයුතු හේතුවෙන් අද(12) කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ අන්තර් හුවමාරුව හා කැළණි පාලම අතර මාර්ගයේ කොටසක් නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

කොළඹ – නුවර මාර්ගයේ සහ කොළඹ – පුත්තලම මාර්ගයේ සිට අධිවේගී මාර්ගය හරහා කොළඹ දෙසට ගමන්ගන්නා වාහන පෑලියගොඩ අන්තර් හුවමාරුවෙන් ඇතුළු වීම නතර කර අැත.

කොළඹ සිට කැලණි පාලම ඔස්සේ අධිවේගී මාර්ගය හරහා පෑලියගොඩ හුවමාරුවෙන් කොළඹ – නුවර මාර්ගයට හා කොළඹ – පුත්තලම මාර්ගයට පිවිසීම ද තාවකාලිකව නතර කිරීමටයි පියවර ගෙන ඇත.

කෙසේ වෙතත් කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා වාහන සඳහා කිසිදු අවහිරයක් නොමැති බව ද පොලීසිය සඳහන් කළේ ය.

Read more

Local News