පාර්ලිමේන්තු පිවිසුමේ උණුසුම නිවෙයි

Share

අද(14) උදෑසන පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය ඉදිරිපිට ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය මේ වන විට සමතයකට පත්ව ඇති බව අප වාර්තාකරු පවසයි.

දේශපාලන අධාරකරුවන් විසින් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය ඉදිරිපිට කලහහාකාරී ලෙස හැසිරීම හේතුවෙන් මෙම තත්ත්වය හට ගත් අතර මේ වන විට අදාළ පුද්ගලයින් එම ස්ථානයෙන් විසිර ගොස් ඇති බව වාර්තා වෙයි.

එහෙත් පාර්ලිමේන්තු පිවිසුම අසල මේ වන විටත් දැඩි ආරක්ෂක රැකවල් යොදා තිබේ.

කැරලි මර්දන බට කණ්ඩායම් මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකාය හා අධි පීඩන ජල බවුසර සූදානම් කර ඇති බව වාර්තා වෙයි.

අද උදෑසන පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසල දැඩි උණුසුම්කාරි තත්ත්වයක් හට ගත් අතර මෙම තත්ත්වය පාලනය කර කිරීම සඳහා ආරක්ෂ අංශ ක්‍රියා කළේය.

Read more

Local News