රන් බිස්කට් තොගයක් සමඟ 3ක් දැලේ

Share

රන් බිස්කට් තොගයක් ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනකු කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අැත.

රුපියල් එක් කෝටි හතලිස් තුන් ලක්ෂ අනූ අට දහස් අට සිය හැටක් (1,43,98,860) වටිනා මෙම රන් බිස්කට් තොගය ඊයේ රාත්‍රීයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් මහනුවර, අකුරණ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 48,46 සහ 44 යන වයස්වල පසුවන ව්‍යාපාරිකයෝ තිදෙනෙක් බව අනාවරණය වී ඇත.

Read more

Local News