චම්පික හඬට ඡන්දය දෙද්දී දිනේෂ්ට තිබිලා නෑ

Share

අද (16) දිනයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාව “හඬ අනුව” සම්මත වූ බව එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක කියා සිටියි.

කථානායකවරයා පාර්ලිමේන්තුවට පැමිණීමෙන් පසු මන්ත්‍රිවරුන් 122 දෙනෙකු විසින් අද (16) දිනයේදී බහුතරයක සහභාගිත්වයෙන් එම විශ්වාසභංග යෝජනාව මෙම සම්මත වූ බව මන්ත්‍රීවරයා කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් වන වාර්තාව කථානායකවරයා විසින් ජනාධිපතිවරයාට යවනු ඇති බවද මන්ත්‍රිවරයා කියා සිටියේය.

මේ අතර ආණ්ඩු පක්ෂය වෙනුවෙන් මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ අද දිනයෙදී කථානායකවරයා පාර්ලිමේන්තු සභා වාරය නොපැවැත්වූ බවයි.

Read more

Local News