නාඳුනන කාන්තා මළ සිරුරක් සොයාගනියි

Share

මුල්ලේරියාව කැලණිමුල්ල ගඟ අසල ප්‍රදේශයේ දී නාඳුනන කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබේ.

පොලීසිය පැවසුවේ පොලීස් හදීසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව ප්‍රදේශයේ අතුරු මාර්ගයක මඩ වගුරක තිබී එම මළ සිරුර සොයාගෙන ඇති බවයි.

මියගොස් ඇත්තේ අවුරුදු 40ත් 45ත් අතර වයසේ පසුවූ කාන්තාවක් බවට අනුමාන කරයි.

මෙය සියදිවි හානිකරගැනීමක් ද ඝාතනයක් ද යන්න බව මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන්ය.

මුල්ලේරියාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News