දිස්ත්‍රික්ක 3කට නායයෑමේ අනතුරු ඇඟවීම්

Share

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

මහනුවර, නුවරඑළිය සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක තුන සඳහා මෙම නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

ඊයේ රාත්‍රී 8.00 සිට ඉදිරි පැය 24ක කාලය සඳහා මෙම නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.

Read more

Local News