සර්ව පාක්ෂික හමුවට එජාප යත් එයි

Share

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් අද (18) කැඳවා තිබෙන සර්ව පාක්ෂික හමුවට එක්සත් ජාතික පක්‍ෂයද සහභාගි වන බව එහි මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අකිල විරාජ් කාරියවසම් පවසයි.

මෙම සර්ව පාක්‍ෂික හමුව අද(18) පස්වරු 5.00 ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තුව තුළ ඉකුත් දිනවල ඇති වූ දේශපාලන නොසන්සුන්තාව සහ ගැටුම්කාරි තත්ත්වය අවසන් කර පාර්ලිමේන්තුවේ කටයුතු යහපත්ව පවත්වාගෙන යාමට සියලූ දේශපාලන පක්‍ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම මෙම සර්ව පාක්‍ෂික හමුවේ අරමුණ වෙයි.

Read more

Local News