භික්ෂුන්ගේ කඳුළු සෙලවීම ගැන ජනපති කම්පා වෙයි

Share

බොදුබල සේනා සංවිධානයේ හිමිවරුන් ඇතුළු පිරිසක් අද (19) පෙරවරුවේ සංදේශයක් භාරදීමට ජනාධිපති කාර්යාලයට පැමිණි අවස්ථාවේ උන්වහන්සේලාට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් සිදු වූ අපහසුතාවය පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලිකවම සිය කණගාටුව පළ කර සිටින බව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

උන්වහන්සේලා අද දිනයේ දී ජනාධිපතිවරයා හමුවීමට පැමිණෙන බවට දැනුවත් වී නොතිබූ අතර, කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට උපදෙස් ලබා දුන් අයට එරෙහිව වහාම පරික්ෂණයක් පැවැත්වීමට ද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

අනතුරුව අදාළ ස්වාමින් වහන්සේලා ඇතුළු පිරිස හමු වී සුහද කථා බහක නිරත වූ ජනාධිපතිතුමා උන්වහන්සේලා විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ අධිකරණ කටයුතුවලට අදාළව ඉදිරිපත් කර ඇති ඉල්ලීමක් සහිත ලිපිය භාරගනු ලැබීය.

අද සවස 2.30 පමණ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති මෙම භික්ෂු විරෝධතාවය හේතුවෙන් ගාලු පාර වසා දැමිමට කටයුතු කර තිබුණි.

පසුව මෙම විරෝධතාවය විසුරුවා හැරීම සඳහා පොලිසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

Read more

Local News