ජනපති ඝාතනයට කුමන්ත්‍රණය කළැයි මාලදිවයිනේ සිරකර සිටින තරුණයා මුදා ගැනිමට උත්සාහයක්

Share

මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයා ඝාතනයට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකික තරුණයා නිදහස් කරගැනීමට නව උත්සාහයක නිරත වන බව අමාත්‍ය ෆයිසර් මුස්තාපා පවසයි.

හෙතෙම මේ බව පැවැසුවේ මාලදිවයිනේ නව ජනාධිපති ඊබ්‍රහීම් මොහොමඩ් සොලි දිවුරුම් දීමේ උත්සවයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ විෂේශ නියෝජිතයකු ලෙස සහභාගී වු අවස්තාවේදීය.

මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි ලහිරු මධුශංක මැණික්කඳුර නම් 27 හැවිරිදි තරුණයා 2016 වසරේ සිට මාලදිවයිනේ අධිආරක්ෂිත බන්ධනාගාරයක රඳවා ඇත.

වසර 3 පුරා නීති ආධාර හෝ වෙනත් කිසිදු පහසුකමක් රහිතව මෙතෙක් කිසිදු චෝදනාවකදු ගොනු නොකර රඳවා සිටින මෙම තරුණයා හමුවීමට පසුගිය සති අන්තයේදී තමන්ට හැකි වූ බවද මෙහිදී අමාත්‍ය වරයා සඳහාන් කළේය.

එහදී හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ්, එරට නීතිපති සහ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා සමගද අමාත්‍යවරයා සාකච්ඡා කළ බව හෙතෙම පැවැසීය.

Read more

Local News