සාපෙළ විභාග ප්‍රවේශ පත්‍ර තැපෑලට යොමු කරයි

Share

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ විභාග ප්‍රවේශ පත්‍රවල යම් ගැටලුවක් ඇත්නම් ඒ පිළිබඳව කඩිනමින් දැනුම් දෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

පසුගිය සිකුරාදා දින සියලු අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර තැපෑලට යොමුකළ බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේ.

පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර පාසල් වෙත ලබා දී ඇති අතර පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ ලිපියනයන් වෙත තැපැල් කර තිබේ.

ඉදිරි දින කිහිපය තුළ පෞද්ගලික අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් ද ලබාගත හැකි බව විභාග කොමසාරිස් සනත් පුජිත මහතා සඳහන් කළේය.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සදහා සිසුන් හය ලක්ෂ 56,641 දෙනෙකු අයදුම් කර අැති අතර සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 3වන දින ආරම්භ වීමට නියමිත අතර එය දෙසැම්බර් 12 වන දින දක්වා පැවැත්වීමට නියමිතයි.

Read more

Local News