වන්නියේ හූනෙක් නිසා සිසුන් 36 ක් රෝහලේ

Share

මුලතිව් – වන්නි විලායන්කුලම් ප්‍රාථමික විද්‍යාලයේ පළමු සහ දෙවන ශ්‍රේණිවල සිසුන් 36 දෙනෙකු ආහාර විෂවීමක් හේතුවෙන් මාන්කුලම් දිසා රෝහලට ඇතුළත් කර තිබේ.

ඊයේ පෙරවරුවේ සිසුන් දෙදෙනෙකුට වමනය සහ අජීරණය ඇතිවීම හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් පසු එම ආහාර ලබා ගත් අනෙක් සිසුන් 34 දෙනා ද රෝහලට ඇතුළත් කළ බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

පාසලෙන් ලබාදෙන උදෑසන ආහාර වේලෙහි හූනෙකුගේකුගේ ශරීර කොටස් හමුවී ඇති අතර ඒ අනුව මෙලෙස සිසුන් රෝහල් ගත කර ඇත.

Read more

Local News