තේරීම් කාරක සභාවට පක්ෂ විපක්ෂ මත ගැටුමක්

Share

පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවේ බහුතර බලය සම්බන්ධයෙන් යළිත් ආණ්ඩු පක්‍ෂය හා විපක්‍ෂය අතර මතගැටුමක් නිර්මාණය වී තිබේ.

තේරීම් කාරක සභාවේ සාමාජිකයින් 12 දෙනාගෙන් හත්දෙනෙකු තම පාර්ශ්වයට අවශ්‍ය බව ආණ්ඩු පක්‍ෂය පවසයි.

ඉතිහාසය තුළ ගත් කළද ආණ්ඩු පක්‍ෂයට තේරීම් කාරක සභාවේ බහුතරය හිමිවන බව ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක, අමාත්‍ය එස්. බී. දිසානායක ප‍්‍රකාශ කළේය.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා නියෝජනය කරන පාර්ශ්වයට තේරීම් කාරක සභාවේ බහුතර බලයක් ලබාදිය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක ප‍්‍රකාශ කළේය.

එක්සත් ජාතික පෙරමුණද පවසන්නේ තේරීම් කාරක සභාවේ බහුතරය තමන්ට හිමිවිය යුතු බවයි.

මේ වනවිට ආණ්ඩුවක් නොමැතිවීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ බහුතරයක් ඇති පාර්ශ්වයට තේරීම් කාරක සභාවේ බහුතරයද හිමි විය යුතු බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර වජිර අබේවර්ධන සඳහන් කළේය.

Read more

Local News