ලංකාවට ගුවන් ගමන් වාර වැඩි කිරීමට රුසියානු රජය තීරණය කරයි

Share

රුසියාව හා ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් වර්ධනය කිරිමට රුසියානු රජය තීරණය කර තිබේ.

ඒ අනුව කොළඹ- මොස්කව් සතියකට දින පහක් ක්‍රියාත්මක කෙරුණු ගුවන් ගමන් වාර සතියේ දින හත පුරාම සිදුකිරිමට රුසියාව තිරණය කර තිබේ.

රුසියවේ රොසියා ගුවන් සේවය මෙසේ සිය ගුවන් මෙහෙයුම් වැඩි කර ඇති අතර ඒ හරහා ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයක් වෙනු ඇතැයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.

Read more

Local News