මාතරදී සිසුවෙකු ඝාතනය කරයි

Share

මාතර ඇළවේල්ල පාර ආසන්නයේ උපකාරක පන්තියක් අසළදී තියුණු ආයුධයකින් පහරදී 19 හැවිරිදි සිසුවෙකු ඝාතනය කර තිබේ.

අද (24) පස්වරුවේ එම උපකාරක පන්තිය අසළට පැමිණි පුද්ගලයින් තුන්දෙනෙකු මෙම ඝාතනය සිදුකර ඇති අතර, සැකකරුවන් මේ වනවිට හඳුනාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

ඝාතනයට ලක්ව ඇත්තේ තිහගොඩ – මාහේන ප්‍රදේශයේ පදිංචි සිසුවෙකු වන අතර සිද්ධියෙන් තුවාල ලැබූ තවත් සිසුවෙකු මේ වනවිට මාතර රෝහලේ ප්‍රතිකාර ලබයි.

Read more

Local News