විදෙස් මත්පැන් තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

Share

පිටකොටුව – පළමු හරස් වීථියේ කඩ කාමරයක් තුළ සඟවා තිබූ නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද විදේශීය මත්පැන් තොගයක් සමඟ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහිදී අධික වටිනාකමකින් යුත් විදේශීය මත්පැන් බෝතල් 48 ක් පොලිස් භාරයට ගෙන තිබේ.

ඒවායේ දළ වටිනාකම රුපියල් හාරලක්ෂ තිස් එක්දහසක් පමණ වන බව පොලීසිය සඳහන් කළේය.

Read more

Local News