ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීම අද

Share

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (26) පැවැත්වේ.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී මෙය පැවැත්වීමට නියමිතය.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පැවසුවේ පවතින දේශපාලන තත්ත්වය සහ ඉදිරි මහමැතිවරණය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙන බවයි.

මේ අතර කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට බල කෙරෙන විරෝධතාවක් සඳහා ලබන 03 වැනිදා කොළඹට ජනතාව ඒකරාශී කරවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසයි.

Read more

Local News