ශ්‍රීලනිප විශේෂ සමුළුවක් 4 වනදා

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සමුළුවක් දෙසැම්බර් මස 04 වන දින පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(26) ජනාධිපති නිල නිවසේ දී පැවැත්විය.

දෙසැම්බර් මස 04 වන දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සමුළුවක් පැවැත්වීමට නියමිතව අතර සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී මෙම විශේෂ සමුළුව පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මේ බව පැවසීය.

Read more

Local News